ඉලෙක්ට්‍රික් කාර් විප්ලයකට වොක්ස්වැගන් කාර් සැරසේ
ලෝකයේ හරිත මෝටර් රථ වෙළෙඳ පොළේ විප්ලයක් සිදුකරමින් සම්පූර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියාත්මක ඉලෙක්ට්‍රික් මෝටර් රථ 30ක් එළිදැක්වීමට වොක්ස්වැගන් සමාගම සැරසෙයි.
යුරෝපයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා ලෙස සැලකෙන වොක්ස්වැගන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාතිආස් මුඑල්ලර් පවසා සිටියේ, වොක්ස්වැගන් ඩීසල් රථ සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් පසුව ඒ කනගාටුදායක අතීතරයෙන් ඔබ්බට යෑමට තම සමාගමට විශාල ආයෝජනයක් කිරීමට සිදුවූ බවයි.
ඔහු වැඩිදුරටත් විශ්වාස කර ඇත්තේ වර්ෂ 2025 වනවිට සමාගමේ වාර්ෂික මෝටර් රථ අලෙවියෙන් 20%ත් 25%ත් අතර ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියාත්මක වන මෝටර් රථ බවට පත් කිරීමටය.
කෙසේ වෙතත්, මේ වනවිට ඇති දත්ත අනුව යුරෝපයේ සෙසු මෝටර් රථ නිෂ්පාදකයන් සමග සැසඳීමේදී වෙළෙඳ පොළ ප්‍රමුඛයා වී සිටි වොක්ස්වැගන් සමාගමේ විකුණුම් ප්‍රබල ලෙස කඩා වැටීමකට ලක්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

