සෞදියේ හමුදා සහ ජාතික ආරක්ෂාව පිළිබඳ රහස්‍ය දත්ත ඉරානයට ලබාදීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සෞදි ජාතිකයන් 15 දෙනෙකුට මරණීය දඬුවම නියම වී තිබේ.
මොවුන් වැඩි දෙනා ඉරාන බුද්ධි අංශ යටතේ කටයුතු කර ඇති අය බවත්, ඔවුන් හමුදා, රාජතාන්ත්‍රික හා ආර්ථික ක්ෂේත්රයන් හි බුද්ධි තොරතුරු සපයා ඇති සෞදි ජාතිකයන් බවත් කියැවෙයි.
රියාද් නගරයේ විශේෂ අපරාධ අධිකරණයක් විසින් මෙම මරණීය දණ්ඩනය නියම කර ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මොවුන් 2013 වසරේදී ඉරාන චරපුරුෂ සේවයේ යෙදී අත්අඩංගුවට පත්වූ පුද්ගලයන් 32 දෙනාගෙන් පිරිසකි. ඔවුන් අතර, සෞදි ජාතිකයන් 30ක්, ඉරාන හා ඇෆ්ගන් ජාතිකයෙකු වූහ.
ඒ අනුව, මොවුන්ගෙන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස ලැබූ අත, 15 දෙනෙකුට මාස හයේ සිට අවුරුදු 25 තෙක් සිර දඬුවම් නියම කෙරිණි. ඉතිරි 15 දෙනා මෙසේ මරණ දණ්ඩනයට යටත් කෙරිණි.