ඉරානයේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය වසා දමා වසර හතරකට පසු එය යළි විවෘත කර තිබේ.
තානාපති කාර්යාලය යළි විවෘත කිරීම වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් ෆිලිප් හැමන්ඩ්ද ටෙහෙරාන් නුවර පැවති උත්සවයට සහභාගි වී ඇත.
මේ අතර, බ්‍රිතාන්‍යයේ ඉරාන තානාපති කාර්යාලයද ඉදිරියේදී විවෘත වීමට නියමිත බව පැවසෙයි.
ඉරානයට පනවා තිබූ සම්බාධකවලට එරෙහිව 2011 වසරේදී ටෙහෙරාන් නුවර තානාපති කාර්යාලය වෙත විශාල විරෝධතාකරුවන් පිරිසක් පැමිණ ඇති වූ උද්ඝෝෂණයෙන් පසුව තානාපති කාර්යාලය වසා දැමුණි.