(UPDATE) ඉරානයේ ටෙහෙරාන් නුවර පාර්ලිමේන්තු පරිශ්‍රය හා අයතුල්ලා කුමෙයිනිගේ සාමධිය ආශ්‍රිතව IS ප්‍රහාරයෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇසින් දුටු සාක්ෂි අනුව පාර්ලිමේන්තුවෙන් පිටත දරුණු වෙඩි තැබීමක් සිදුව ඇති අතර, මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු සමාධිය අසලදී බෝම්බය පුපුරුවාගෙන තිබේ.
ඉරාන ආරක්ෂක අංශ පවසන්නේ මෙම ප්‍රහාර ද්විත්වය මැඬපැවැත්වීමෙන් පසුව සිදුවීමට ගිය තෙවැනි ප්‍රහාරය වළක්වා ගැනීමටද ආරක්ෂක අංශ සමත් වූ බවයි.
මෙම ප්‍රහාරයේ වගකීම ඉස්ලාම් රාජ්‍යයේ IS ත්රස්තයන් විසින් භාරගත් අතර, ඔවුන් විසින් ඉරානය තුළ මෙවැනි ප්‍රහාරයක් එල්ල කළ ප්‍රථම අවස්ථාවද මෙය වෙයි.
මෙම ප්‍රහාරයෙන් පසුව පාර්ලිමේන්තු ප්‍රහාරයේ දසුන් සහිත වීඩියෝවක්ද ත්රස්තයන් විසින් මාධ්‍යයට අනාවරණය කර තිබුණි.
ඉරාන මාධ්‍යයට අනුව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ ප්‍රහාරයට ත්රස්තයන් සිව් දෙනෙකු පැමිණ ඇති අතර ඔවුන් පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කෙසේ වෙතත්, සිද්ධියෙන් මියගිය ගණන 12ක් බවට පත්වීම ප්රහාරකයන්ද සමගද යන්න තවමත් පැහැදිලි නොමැති බව කියැවෙයි.
ඉරානයේ ටෙහෙරාන් නුවර පාර්ලිමේන්තු පරිශ්‍රය ආශ්‍රිතව විවෘත වෙඩි තැබීමක් සිදුව තිබේ.
ඇසින් දුටු සාක්ෂි අනුව පාර්ලිමේන්තුවෙන් පිටත දරුණු වෙඩි තැබීමක් සිදුව ඇති අතර, ආරක්ෂක නිලධාරීන් මෙන්ම, ප්‍රහාරයට පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරුවන්ද ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
මෙම ප්‍රහාරයේ වගකීම ඉස්ලාම් රාජ්‍යයේ IS ත්රස්තයන් විසින් භාරගෙන තිබේ.