IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් ඉරාකයේ, බැග්ඩෑඩ් නගරයට දකුණුදිගින් වූ හයිලා නගරයේ ආරක්ෂක මුරපොළක් අසලදී තෙල් බවුසරයක් පුපුරුවා හැරීමෙන් පුද්ගලයන් 50කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මරණයට පත්වූවන්ගෙන් 39 දෙනෙකු සාමාන්‍ය වැසියන් බවත්, සෙසු පිරිස පොලිස් නිලධාරීන් බවත් කියැවෙයි. මීට අමතරව, මෙම ප්‍රහාරයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
මෙම අවස්ථාවේදී මුරපොළේ රථවාහන විශාල ප්‍රමාණයක් තිබී ඇති අතර, මෙම ප්‍රහාරයේ වගකීම ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් භාරගෙන තිබේ.