දූෂණ චෝදනාවලට වරදකරුවූ ඉරාන ජාතික ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු මරණ දඬුවමට නියම වූ බව එරට අධිකරණ වාර්තා පවසයි.
2013 දෙසැම්බර් මාසයේදී අත්අඩංගුවට පත් 42 හැවිරිදි බබාක් සන්ජානි නමැති මෙම ධන කුවේරයා ඩොලර් බිලියන ගණනක තෙල් ගනුදෙනු වසන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා තිබුණි. කෙසේ වෙතත් මෙම චෝදනා ඔහු තරයේ ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව, මූල්‍ය අපරාධයක් හා වංචාවක් සිදුකළ බවට තීරණය කරමින් ඔහුට මරණ දඬුවම නියම වූ අතර, ඔහු ඉරානයේ ජීවත් වූ ධන කුවේරයන් කිහිප දෙනාගෙන් ඉදිරියෙන්ම සිටි අයෙකු බවද කියැවෙයි.