ඉරානයේ නිෂ්පාදනය කරනලද නවීන මිසයිල තොගයක් සිරියාවේ සිට ගාසා දෙසට මුහුදින් ප්රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව ඊශ්රායලය පවසයි.
රතු මුහුදේ සුඩානයට ආසන්නයේදී ඊශ්රායල් නාවික හමුදා කමාන්ඩෝ භටයන් විසින් මෙම නෞකාව අත්අඩංගුවට ගන්නා ලදී.
M-302 වර්ගයේ ගොඩබිම සිට ගොඩබිම වෙත ප්රහාර එල්ල කළ හැකි නවීන මිසයිල තොගයක් එහි තිබී හමුවූ බව ඊශ්රායලය පවසයි.
කෙසේ වෙතත්, ගාසා තීරය පාලනය කරන පලස්තීන ඉස්ලාමීය සටන්කාමීන් වන හමාස් සංවිධානය පවසන්නේ මෙම ආයුද තොගය සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
තම මුහුදු කලාපය අහුරාලීම සාධාරණීකරණය කිරීම වෙනුවෙන් ඊශ්රායලය කතාවක් ගොතන බව හමාස් සංවිධානය මේ සම්බන්ධයෙන් චෝදනා කරයි.