උතුරු ඉරාකයේ කුර්දි හමුදා ISIS ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහි විශාලතම ජයග්‍රහණය වාර්තා කර ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
ඔවුන් පවසන්නේ සින්ජාර් කඳුකරයේ ඉස්ලාමීය අන්තවාදී ආරක්ෂක වළලු බිඳ හෙලූ බවයි. මෙම ප්‍රදේශය සැලකෙන්නේ පසුගිය අගෝස්තු මාසයේ සිට ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් සුළුතර යසීදි ජනතාව කොටු වී සිටින කඳුකරය ලෙසයි.
මේ අතර, පෙන්ටගනයේ ජ්‍යෙෂ්ඨ හමුදා නායකයෙකුද පවසා සිටියේ ඇමෙරිකා ගුවන් ප්‍රහාරවලින් ඉරාකයේ සිටින ISIS නායකයන් කිහිප දෙනෙකුම ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
ඉස්ලාමීය රාජ්‍යයට එරෙහි කුර්දි ප්‍රහාරය බදාදා අලුයම ආරම්භ වී ඇති අතර, එම ප්‍රහාරයට ආධාර ලෙස ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ හමුදාවන්ගේ ගුවන් ප්‍රහාරය 45ක් පමණද එල්ල වී ඇති බව කියැවෙයි.