ඉස්ලාම් රාජ්‍යයක් බිහිකරන බවට උදම් අණමින් ඉරාකය තුළද විශාල භූමි ප්‍රදේශයක බලය පැතිරූ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය සතුව පැවති අවසන් නගරයේ බලයද පසුගියදා ඔවුන්ට අහිමි විය.
ඉරාක හමුදා පවසා සිටියේ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ අවසන් බල කඳවුර වූ හවීජා නගරයේ බලයද තමන් විසින් යළි අත්පත් කරගත් බවයි.
දස දහස් ගණන් සාමාන්‍ය ජනතාව ජීවත් වූ හවීජා නගරයේ බලය වර්ෂ 2014 දී ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය අතට පත්විය. කෙසේ වෙතත්, මෙම නගරය අවට බොහෝ ප්‍රදේශ ඔවුන්ට අහිමි වී ගියවිට, ත්‍රස්ත සංවිධානය සිරියානු දේශසීමාවේ පවතින නගරයේ කොටසක සිය බලය පතුරන්නට විය.
කෙසේ වෙතත්, බදාදා දිනයේදී ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් 198 දෙනෙකු මරා දමමින්, මෙම හවීජා නගරය අවට ගම්මාන 98ක බලය තහවුරු කරමින් දැවැන්ත ජයග්‍රහණයක් ලබාගත් බව ඉරාක හමුදා නිවේදනය කළේය.
මේ ආකාරයෙන්, ඉරාකය හා සිරියාව තුළ තම සිහින ඉස්ලාම් රාජ්‍ය සංකල්පය බිඳ වැටෙන විට IS ත්රස්තයන් ලොවපුරා අන්තවාදී ඉස්ලාමීය කොටස් යොදාගනිමින්, මර්මස්ථාන ඉලක්ක කර ත්‍රස්ත ප්‍රහාර හා හුදකලා ජිහාඩ් ප්‍රහාර එල්ල කිරීම ඉදිරියේදී වැඩිවිය හැකි බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.