සුන්නි සටන්කාමීන් විසින් ඉරාකය තුළ සිදුකරන දැවැන්ත ආක්‍රමණය පිටුදැකීම වෙනුවෙන් ඉරානයේ සහාය ඉරාකය වෙත ලබාදීම සඳහා එරට ජනාධිපති හස්සන් රොයුහානි තීරණය කර ඇති බව බී.බී.සී.ය පවසයි.
කෙසේ වෙතත් මේ සහාය වෙනුවෙන් ඉරාන හමුදා ඉරාකය වෙත යැවීමක් සිදු නොවන බවද හෙතෙම පෙන්වා දී තිබේ.
ඉරාකය ඇතුළු ලෙවන්ට් රාජ්‍යයන්ගේ එකතුවෙන් ඉස්ලාමීය රාජ්‍යයක් බිහි කිරීම වෙනුවෙන් සටන් වදින සුන්නි මුස්ලිම්වරුන්ගෙන් සමන්විත ජිහාඩ් ත්රස්තයන් මේ වනවිටත් ඉරාකයේ මොසුල් සහ ටික්රිට් යන නගර අත්පත් කරගෙන බැග්ඩෑඩ් නුවර වෙතද ළඟා වෙමින් සිටී.
ඉරාකයේ සිටින බහුතර ෂියා මුස්ලිම්වරු මිත්‍යාදෘෂ්ටිකයන් ලෙස සලකන සුන්නි සටන්කාමීන් ඔවුන් සමූල ඝාතනය කිරීමේ සූදානමකින් සිටින බවද විදෙස් පුවත් සේවා පවසයි.
ෂියා පාලන බලයක් සහිත වත්මන් ඉරාකය සමග සමීප සබඳතා පවත්වන ඉරානය සදාම් හුසේන් සමයේ ඉරාකයෙන් වෙන්ව සිටියේ ඔහු රටේ සුන්නි මුස්ලිම්වරුන්ගේ සහායෙන් රජකළ ඒකාධිපති නායකයෙකු වූ නිසාවෙනි.