ඉරාකයේ බැග්ඩෑඩ් නුවර ප්රධාන වේල්ලක් ලෙස සැලකෙන මොසූල් වේල්ල පුපුරායාමේ අවදානමක් හටගෙන ඇති බවට එරට ඇමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවයි.
2014 වසරේදී මෙම වේල්ලේ බලය අයි.එස්. ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් අතට පත්වීමත් සමග මෙම වේල්ලෙහි නඩත්තු කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ ඇණ හිටිණි.
මේ තත්ත්වය තුළ අබලන් තත්ත්වයට පත්ව ඇති වේල්ල පුපුරා ගියහොත් එය ටයිග්රීස් ගංගාව ආශ්රිතව ජීවත් වන මිලියන 1.5ක පමණ ප්රබල ගංවතුර තත්ත්වයක් ඇති කරනු ඇති බවද කියැවෙයි.
බලධාරීන් පෙන්වා දෙන්නේ මොසූල් හා ටික්රිට් ජනතාව මෙම අනතුරින් බේරීමට නම් අඩුම තරමින් ගංගාව ආසන්නයේ සිට කිලේමීටර් 6ක් වත් ඔබ්බට ගමන් කළ යුතු බවය.