ඉරාකයේ දෙවැනි විශාලතම නගරය වූ මොසුල් නගරය අත්පත් කරගැනීමෙන් පසු ක්‍රම ක්‍රමයෙන් එරට නගර එකිනෙක අත්පත් කරගනිමින් දකුණුදිග ඉරාකයේ බැග්ඩෑඩ් නගරය බලා පැමිණෙන සුන්නි අන්තවාදීන්ගෙන් සැදුම්ලත් ISIS ත්රස්තයන් තල් අෆාර් නගරයේ බලයත් තහවුරු කරගෙන ඇති බව එරට ආරක්ෂක අංශ පවසයි.
ඉරාකය හා සිරියාව ඇතුළුව රටවල් කිහිපය එකතුවෙන් ඉස්ලාමීය රාජ්‍යයක් බිහිකිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ISIS ත්රස්තයන් පසුගිය සතියේදී මොසුල් සහ ටික්රිට් නමැති ප්‍රධාන නගර කිහිපය සියතට ගත්තේය. නමුත්, ඔවුන් අල්ලා ගත් නගර කිහිපයක බලය නැවත තහවුරු කරගැනීමට මේ වනවිට ඉරාක ආරක්ෂක අංශද සමත්ව සිටී.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් අදහස් දක්වා තිබූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවිනීදන් පිල්ලේ පවසා තිබුනේ ඉරාකය තුළ සුන්නි සටන්කාමීන් සිදුකරන මනුෂ්‍ය සංහාරයන් පැහැදිලිවම යුද අපරාධ ගණයෙහිලා සැලකිය හැකි බවයි.
මීට පෙර ISIS ත්රස්තයන් විසින් අන්තර්ජාලයට මුසුකර තිබූ ඡායාරූප පෙළක දක්නට ලැබුනේ ඉරාක ෂියා සෙබළුන් දහස් ගණනින් සමූල ඝාතනය කරන දසුන්ය. විදෙස් පුවත් සේවා වාර්තා කර තිබූ ආකාරයට 1,700ක් පමණ මේ ආකාරයෙන් සමූල ඝාතනය කර තිබූ බව කියවුණි.