ඉරාක අගනගරය වූ බැග්ඩෑඩයේ ගොඩනැගිලි දෙකක් වෙත කඩා වැදුණු තුවක්කුකරුවන් විසින් සුදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 29 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ඉන් 20කට වැඩි පිරිස කාන්තාවන් බවත් වාර්තා වෙයි.
නැගෙනහිර බැග්ඩෑඩයේ සයූනා හි ඊයේ රාත්රී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, ගොඩනැගිල්ල පුරා මළ සිරුරු විසිරී පැවති බව බැග්ඩෑඩ් පොලීසිය පවසයි.
කෙසේ වෙතත් මෙම ඝාතනයන්ට හේතුව හෝ මෙහි වගකීම භාරගැනීමට තවමත් කිසිවෙකු ඉදිරිපත් වී නොමැත.
පොලීසිය පෙන්වා දෙන්නේ මෙම ගොඩනැගිලි දෙක ගණික වෘත්තිය සඳහා යොදාගත් බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.
එහිදී, ඝාතකයන් විසින් ගොඩනැගිල්ලේ එක් දොරක ‘ඕනෑම ගණිකා වෘත්තියක ඉරණම මෙයයි’ යනුවෙන් ලියාගොස් ඇති බව ප්රංශ පුවත් සේවය පවසා තිබුණි.