ඉරාකය සම්බන්ධයෙන් කවරාකාරයේ හෝ පියවරක් ගැනීමට තමන්ට කොංග්රස් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමේ අවශ්‍යතාවක් මතු නොවන බව ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා පවසා ඇති බව රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සෙනට් සභිකයෙකු පවසා තිබේ.
ජනාධිපති ඔබාමා සහ කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පිරිසක් අතර පැවති සාකච්ඡාවකදී ඔබාමා මෙසේ අදහස් මතුකර ඇති බව පැවසෙයි.
මේ අතර, වේගයෙන් ඉදිරියට ඇදෙන සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් වෙත ගුවන් ප්‍රහාරයක් එල්ල කරන ලෙස ඉරාකය ඇමෙරිකාවෙන් ඉල්ලීමක් කර ඇති බවද කියැවෙයි.
මේ අතර, ඉරාක හමුදාව වෙත ඇමෙරිකානු හමුදාවේ සහාය ලබාදීමේ වැඩිදුර සාකච්ඡාවක් ඉරාක අගමැති නොවුරි මලීකී හා ඇමෙරිකානු උප ජනාධිපති ජෝ බයිඩන් අතර පැවති බවද වාර්තා වෙයි.