ඉබෝලා වෛරසය පැතිරයාමේ අවදානමක් පවතින බැවින් උතුරු කොරියාවේ ප්යොන්යෑන්ග් මැරතන් තරගාවලිය වෙත විදේශිකයන් සහභාගි කරවීම එරට බලධාරීන් විසින් තහනම් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
පසුගිය ඔක්තෝබර් මාසයේ සිට උතුරු කොරියාව සිය නීති බලාත්මක කරමින් එරට ආගමන විගමන කටයුතු දැඩි ලෙස පාලනයකට ලක් කළේය.
උතුරු කොරියාව හෝ ඒ ආශ්රිත රටක ඉබෝලා ගැන කිසිදු වාර්තාවක් නොමැති වාතාවරණයක එරට රජය විසින් මෙවැනි පියවරක් ගැනීම විමතිය දනවන්නක් බවද විදෙස් වාර්තා පවසයි.
සෑම වසරකම අප්‍රේල් මාසයේදී උතුරු කොරියාවේදී ප්යොන්යැන්ග් මැරතන් තරගය පැවැත්වෙන අතර, එය උතුරු කොරියාවට විදේශිකයන් රැසක් කැඳවන අවස්ථාවක් ලෙස සැලකෙයි.