ඝානාවේ අගනුවර වන අක්රා හි ඉබෝලා පිටුදැකීමේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉබෝලා වසංගතය ක්‍රමයෙන් පාලනය වීමත් සමග වසා දමා ඇති බව වාර්තා වෙයි.
එම මූලස්ථානයේ ප්‍රධානී පීටර් ග්‍රාෆ්, ඝානා ජනාධිපතිවරයා හමුවී පසුගිය සැප්තැම්බර් මාසයේ සිට එම මූලස්ථානය පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් සැලසීම ගැන ස්තූතිය පළ කර තිබේ.
කෙසේ වෙතත්, එහි සිදුකෙරෙන ගුවන් මෙහෙයුම් අවසන් වනතෙක් ජූනි මාසය අවසානය දක්වා කුඩා කණ්ඩායමක් එහි සිටිනු ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
පුද්ගලයන් 11,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ ඉබෝලා වසංගතයට ඝානාව මුහුණ නොදුන්නත්, අසල්වැසි බටහිර අප්‍රිකානු රටවල් කිහිපයකම ඉබෝලා මර්ධන මූලස්ථානය ලෙස ඝානාව කටයුතු කළේය.