ඉබෝලා වෛරසය මෙවර ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් මෙතෙක් සිදුව ඇති අවධානය හා තක්සේරුව අතිශය අවම මට්ටමක පවතින බව එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.
මේ වනවිට ඉබෝලා වෛරසයෙන් මරණයට පත්ව ඇති පිරිස 1,069 දක්වා ඉහළ ගොස් ඇති බව කියැවෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ මේ වනවිට ඉබෝලා හේතුවෙන් සිදුව ඇති මරණ හෝ සිදුවීම් එම වෛරසය සිදුකර ඇති බලපෑමේ තරම ප්රබලව ප්‍රකට නොකරන බවයි.
එම සංවිධානය ඉදිරිපත් කර ඇති වාර්තාවකින් දැක්වෙන්නේ ඉබෝලා පිළිබඳ ප්‍රබල නිර්දේශයක් හා තක්සේරුවක් සිදුකළ යුතුව ඇති බවයි.