කොංගෝ ජනරජයේ පැතිර යමින් පවතින ඉබෝලා වෛරසය තවමත් ගෝලීය මහජන සෞඛ්‍යය කෙරෙහි තර්ජනයක් ඇති කරන හදිසි තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.
ඔවුන් පවසන්නේ මෙලෙස අලුතින් පැනනැගී ඇති තත්ත්වය පාලනය කිරීමේ හැකියාවක් පවතිනට බවට දැඩි විශ්වාසයක් පවතින බවයි.
මේ වනවිට පුද්ගලයන් 45 දෙනෙකු වෛරසය වැළඳී ඇති බව සොයාගෙන ඇති අතර, සිදුවූ මරණ 25ක් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුවෙමින් පවතී.
ආරම්භයේදී ග්‍රාමීය ප්‍රදේශයකින් වෛරසය පැතිරීම පිළිබඳ වාර්තා වුවත්, මෑතකදී නාගරික ම්බන්ඩකා නගරයෙන්ද රෝගියෙකු පිළිබඳ වාර්තා විය.
බෝවන රෝග ගණයට වැටෙන ඉබෝලා වැළඳුණු විට අභ්‍යන්තර රුධිර වහනයන් මෙන්ම, බොහෝ අවස්ථාවල මාරාන්තික තත්ත්වයකට රෝගියා පත්වීම සිදුවෙයි.
රෝගියෙකුගේ ශරීරයෙන් වැගිරෙන කෙළ, මූත්‍ර ආදී කායික ශ්‍රාවයන් සුළු ප්‍රමාණයක් නිරෝගී පුද්ගලයෙකු සමග සම්බන්ධ වීමෙන් මෙය බෝවිය හැකි අතර, බොහෝ අවස්ථාවල උණ තත්ත්වයක්ද පෙන්නුම් නොකරන බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
2014 - 2016 කාල පරාසය තුළ ඉබෝලා වෛරසය හේතුවෙන් බටහිර අප්‍රිකානු කලාපයේ මිනිස් ජීවිත 11,000කට වැඩි ප්‍රමණයක් අහිමි වූහ.