අති දියුණු රටවල නවීන සෞඛ්‍ය ආරක්ෂණ පහසුකම් යටතේ ඇති ආරෝග්‍ය ශාලා තුළත් ඉබෝලා වෛරසය පැතිරීමේ අවදානමක් පැවතිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශකයෙකු අනතුරු ඇඟවීමක් කර තිබේ.
මහාචාර්ය පීටර් පියොට් පවසන්නේ ස්පාඤ්ඤ ජාතික හෙදිය ස්පාඤ්ඤය තුළදී වෛරසයට ගොදුරුවීම ඔවුන් තුළ දැඩි විමතියක් ඇතිකළ බවයි.
තෙරේසා රොමේරෝ නමැති මෙම හෙදිය බටහිර අප්‍රිකාවෙන් පිටත වෛරසයට ගොදුරු වූ ප්‍රථම තැනැත්තිය ලෙස ඉතිහාසගත වෙයි.
ඉබෝලා වෛරසයට ගොදුරුව බටහිර අප්‍රිකාවෙන් පැමිණි පූජකවරුන් දෙදෙනෙකුට ප්‍රතිකාර කළ හෙදියන්ගෙන් කෙනෙක ලෙස ඇය සැලකෙයි.