ඉන්ධන නැතිව නවසීලන්ත ගුවන් තොටුපොළ අඩපණයි
නවසිලන්තයේ, ඔක්ලන්ඩ් ගුවන් තොටුපොළේ ගුවන් යානා ඉන්ධන සැපයුම් නළයක් පිපිරීම නිසා ඒ වෙත ඉන්ධන සැපයීමට නොහැකි වීමෙන් ගුවන් මගීන් රැසක් ගුවන් තොටුපොළ තුළ කොටුවී සිටි බව වාර්තා වෙයි.
නවසීලන්තයේ විශාලතම ගුවන් තොටුපොළ ලෙස සැලකෙන ඔක්ලන්ඩ් ගුවන් තොටුපොළ වෙත ඉන්ධන සැපයෙන එකම ප්රභවය මෙම නළ මාර්ගය බවද කියැවෙයි.
ඔක්ලන්ඩ් ආසන්න ග්‍රාමීය ප්‍රදේශයක දේපොළ හිමියෙකු විසින් තම ගෙවත්තේ සිදුකළ කැණීමක් මෙම නළයට හානිකර තිබූ අතර, එහිදී ඉන්ධන නළය වසා දැමීමට බලධාරීන්ට සිදුව තිබේ.
ගුවන් යානා සඳහා ඉන්ධන සැපයීම ගුවන් තොටුපොළ අත්‍යවශ්‍ය සේවාවක් වුවත් මේ තත්ත්වය මත ගුවන් යානා වෙත සීමාවකින් යුතුව ඉන්ධන සැපයීමට ඔක්ලන්ඩ් ගුවන්තොටුපොළ බළධාරීන්ට සිදුව තිබේ.
මේ තත්ත්වය තුළ ඔස්ට්‍රේලියාව හෝ ආසන්නතම ගුවන් තොටුපොළ වෙතින් යානා වෙත ඉන්ධන පුරවා ගැනීමට ඒ රටවලට පැමිණි ගුවන් යානා කටයුතු කර ඇති බවද කියැවෙයි.
නමුත්, මේ තත්ත්වය තුළ ගුවන් යානා රැසක් අවලංගු කිරීම නිසා මගීන් 2,000ක් පමණ ඔක්ලන්ඩ් ගුවන් තොටුපොළ තුළ සිරවී සිටි බව සඳහන් වෙයි.
මෙම ඉන්ධන නළය යළි ප්‍රකෘති තත්ත්වයට පත්කිරීම සඳහා තවත් සතියක පමණ කාලයක් ගතවනු ඇති බව කියැවෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

