ඉන්දුනීසියාවේ බටහිර පැපුවා කලාපයේ වනාන්තර පෙදෙසක අනතුරට පත් වූ ට්රිගානා ගුවන් සේවයට අයත් යානය සොයා මේ වනවිට මුදාගැනීමේ කණ්ඩායම් පිටත්ව ගොස් තිබේ.
ඉරිදා දිනයේ එරට වේලාවෙන් සවස 2.55 ට පමණ යානයේ සංඥා ඇණහිට ඇති අතර, පසුව යානය සොයා මෙහෙයුම් සිදුකිරීමේදී වනාන්තර පෙදෙසක දුම් වලාවක් හා යානයේ සුන්බුන් දර්ශනය වී තිබේ.
මෙම යානයේ පුද්ගලයන් 54 දෙනෙකු ගමන් කර ඇති අතර, වැඩිහිටිය්න 44ක්, දරුවන් හා ළදරුවන් 5ක් සහ කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකුද මෙම අවස්ථාවේදී යානයේ ගමන් කර ඇත.