ඉන්දුනීසියාවේ කුඩා වෙළෙඳ සැල් ආශ්රිතව මත්පැන් විකිණීම තහනම් කරමින් නව නීතියක් හඳුන්වා දී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, සුපිරි වෙළෙඳ සැල්, හෝටල් සහ ප්රධාන වෙළෙඳ සැල් ආශ්රිතව පමණක් මත්පැන් අලෙවි කිරීමට අවසර ලබාදුන්නත්, දැනට මත්පැන් අලෙවි කරන 70,000ක් පමණ වන කුඩා අලෙවිසැල්වලට මෙම නීතිය හේතුවෙන් වැට බැඳෙන බව කියැවෙයි.
මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාවේ තරුණ පරපුර මත්පැන් උවදුරෙන් ගලවා ගැනීම සඳහා මෙම පියවර ගත් බව ඉන්දුනීසියානු රජය පවසා තිබේ.
කෙසේ වෙතත් සංචාරක පාරාදීසයක් වන බාලි දූපත් ආශ්රිතව මෙම නීතිය ක්රියාත්මක නොවන බවද එරටින් වාර්තා වෙයි.