ඉන්දුනීසියානු පොලීසියකට ISIS සමුරායි කඩු ප්රහාරයක්
ඉන්දුනීසියාවේ සුමාත්රා හි පොලිස් මූලස්ථානය වෙත IS ත්රස්තයන් සමුරායි කඩු යොදාගෙන සිදුකරන ලද ම්ලේච්ඡ ප්රහාරයකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ප්රහාරය සඳහා ත්රස්තයන් සිව්දෙනෙකු සම්බන්ධ වී ඇති අතර, ඔවුන් සුමාත්රා හි රියාවු නගරයේ පොලිස් මූලස්ථානය වෙත මෝටර් රථයක නැගී කඩා වැදී ඇත.
මෙම ප්රහාරයෙන් පසුව IS ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් විසින් මෙම ප්රහාරයේ වගකීම භාරගන්නා ලදී.
මෙහිදී, පොලීසිය විසින් සිදුකරන ලද වෙඩි තැබීමෙන් ත්රස්තයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එක් ත්රස්තයෙකු ජීවග්රහයෙන් අල්ලාගෙන තිබේ.
ඉන්දුනීසියාවේ සුරබයා නුවර දේවස්ථාන තුනක් හා පොලිස් මූලස්ථානය ඉලක්ක කරමින් දින කිහිපයක් තුළ මරාගෙන මැරෙන ප්රහාර මාලාවක් දියත් වීමෙන් පසුව එහි දිගුවක් ලෙස මෙම ප්රහාරයද සිදුව ඇති බව විශ්වාස කෙරෙයි.
IS ඉස්ලාම් රාජ්ය ත්රස්ත සංවිධානයේ ආභාසය ලබා ඇති ඉන්දුනීසියානු ජිහාඩ් සංවිධානය වන ජෙමාහ් අන්ෂරූට් දවූලාහ් වෙත ඉන්දුනීසියානු පොලීසිය චෝදනා කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


