ඉන්දුනීසියානු මුහුදු තීරයේ අනවසරයෙන් මසුන් මැරීමට යොදාගත් බෝට්ටු 81ක් පුපුරුවා මුහුදුබත් කළ බව එරට බලධාරීහු පවසති.
මෙම බෝට්ටු සියල්ල එරට මුහුදු කලාප 12කදී අත්අඩංගුවට ගත් බෝට්ටු වන අතර, එම බෝට්ටු 81කම එකවර පුපුරණ ද්‍රව්‍ය යොදා පුපුරුවා හැරීම සජීවීව විකාශය කිරීමටද එරට බලධාරීන් කටයුතු කර තිබේ.
විදෙස් වාර්තා පෙන්වාදෙන පරිදි මෙසේ විනාශ කළ යාත්‍රා වැඩි ප්‍රමාණයක් වියට්නාමයට අයත් ඒවාය. එමෙන්ම, ඉන්දුනීසියානු ධීවරයන්ද අනවසරයෙන් මසුන් මැරීමට යොදාගත් බෝට්ටු ඒ අතර වූ බව සඳහන් වෙයි.
ඉන්දුනීසියානු ජනපති ජෙකෝ විඩෝඩෝගේ පාලනය යටතේ මේ වනවිට මෙවැනි අනවසර ධීවර බෝට්ටු 300කට වැඩි ප්‍රමාණයක් පුපුරුවා හැර තිබේ.
මෙවැනි නීතිවිරෝධී ධීවර කටයුතු හේතුවෙන් වසරකට ඇ.ඩො.බිලියන 20කට අධික මුදලක් ඉන්දුනීසියාවට අහිමි වන බවත්, එබැවින් මෙවැනි දැඩි පියවරක් නීතිවිරෝධී ධීවර කටයුතුවලට එරෙහිව ක්‍රියාත්මක කරන බවත් ඉන්දුනීසියානු බලධාරීහු අවධාරණය කරති.