ඉන්දුනීසියාවේදී මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද විවාදයට තුඩුදුන් ළමා විවාහයක් එරට සුලවාසි ප්‍රදේශයේදී සිදුව තිබේ.
වයස අවුරුදු 15ක පිරිමි දරුවෙකුට හා වයස අවුරුදු 14ක දැරියකට මෙසේ විවාහ වීම සඳහා එම පළාතේ ෂරියා ආගමික අධිකරණයක් විසින් අවසර ලබාදී ඇති බව විදෙස් වාර්තා පවසයි.
සති කිහිපයක් පුරා මේ සම්බන්ධයෙන් රට තුළ මෙන්ම ජාත්‍යන්තරවද දැඩි විවේචන එල්ල වූ බැවින්, මෙම නීති පද්ධතියේ වෙනසක් කිරීමට ඉන්දුනීසියානු රජය මේ වනවිට සලකා බලමින් සිටින බව කියැවේ.
කෙසේ වෙතත්, බහුතර මුස්ලිම් ජනගහණයක් වෙසෙන ඉන්දුනීසියාව ලෝකයේ වැඩිම ළමා මනාලියන් පිරිසක් ජීවත්වන රට බව නොරහසකි.
වර්තමානයේදී එරට තරුණියකට විවාහ වීම සඳහා අවම වයස අවුරුදු 16ක් වන අතර, පිරිමි දරුවෙකුට එම අවම වයස අවුරුදු 19කි.
එනමුදු, එරට ෂරියා ආගමික අධිකරණවලට විශේෂ වශයෙන් සලකා මීට අඩු වයසේ අයටද විවාහය සඳහා අවසර ලබාදීමට හැකියාව පවතී.
මේ ආකාරයෙන් පසුගියදා විවාහ වී ඇති දැරියගේ මවද අවුරුදු 14න් විවාහ දිවියට ඇතුළු වූ තැනැත්තියක බව මාධ්‍ය අනාවරණය කරයි.
එමෙන්ම, මෙම දැරිය ඔහුගේ බාලවයස්කාර පෙම්වතා සමග මාස පහක පමණ ඇසුරක් පැවැත්වීමෙන් පසුව එය ඔවුන්ගේ නිවෙස්වලට හෙළිවීම නිසා ඔවුන් මෙසේ ආගමික අධිකරණයේ අනුමැතිය යටතේ විවාහයට යොමුකර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.