ඉන්දියාව සහ ඊශ්‍රායලය නව යුගයක් සනිටුහන් කරමින් ආරක්ෂක, කෘෂිකාර්මික සහ ගුවන් යන ක්ෂේත්‍ර රැසක අවබෝධතා ගිවිසුම් රැසක් ඇති කරගෙන තිබේ.
ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඉන්දියාවේ සංචාරය කරමින් ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව මෙම එකඟතාවන් ප්‍රකාශයට පත්ව ඇත.
ඊශ්‍රායල ආරක්ෂක ක්ෂේත්රයේ සමාගම් ඉන්දියාව තුළ ආයෝජන ආරම්භ කරනු දැකීම තම කැමැත්ත බව මෝදි පවසයි.
නරේන්ද්‍ර මෝදි ඊශ්‍රායලයේ සංචාරය කළ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා බවට පත්වී වසරකින් පසුව නෙතන්යාහුගේ ඉන්දීය සංචාරය ආරම්භ වී තිබේ.
ඔහු පසුගිය ඉරිදා 130 දෙනෙකුගෙන් යුතු දූත කණ්ඩායමක් සමග නව දිල්ලිය වෙත පැමිණියේය.