IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් සමග සබඳතා පැවැත්වූ සටන්කරුවෙකු ඝාතනය කළ බව ඉන්දීය පොලීසිය පවසයි.
එරට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ මෙම පුද්ගලයා උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ, ලක්නවු නුවර නිවසක සැඟව සිටියදී මෙම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
මෙම සටන්කරුවා IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් සමග සබඳතා පැවැත්වූ කණ්ඩායමක ත්‍රස්තයෙකු බව හඳුනාගෙන ඇති අතර, එම කණ්ඩායම පසුගිය අඟහරුවාදා මධ්‍ය ප්‍රදේශ් හිදී පුද්ගලයන් අට දෙනෙකුට තුවාල සිදුකරමින් පිපිරීම ගිය බෝම්බය සැලසුම් කළ අය බවද පැවසෙයි.
මෙම කණ්ඩායමේ තවත් සටන්කරුවන් හය දෙනෙකු විවිධ ස්ථානවල සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
උත්තර් ප්‍රදේශ් ප්‍රදේශීය මැතිවරණ උණුසුම සමග මෙම මෙහෙයුම දියත්වී ඇති අතර, මෙම ප්‍රාන්තය ඉන්දියාවේ ඉහළ ජන ඝනත්වයක් සහිත ප්‍රාන්තයක් ලෙසද සැලකෙයි.