ඉන්දීය හමුදා සේවයට බැඳීම සඳහා පැමිණි තරුණයන් පිරිසක් තම යට ඇඳුමින් පමණක් සැරසී බිහාර් ප්‍රාන්තයේ තණ පිට්ටනියක් මත වාඩි වී සිටියේ ඔවුන්ට ලබාදුන් දඬුවමක් නිසා නම් නොවෙයි.
අධික ජනගහනයක් වෙසෙන ඉන්දියාවේ හමුදා සේවය සඳහා සාමාජිකයන් බඳවා ගැනීමේදී ඒ වෙනුවෙන් අති විශාල පිරිසක් ඉල්ලුම් කිරීම නිසා කාලය ඉතිරිකර ගැනීමේ අවශ්‍යතාව මත මෙසේ පැමිණෙන තරුණයන් යට ඇඳුමින් පමණක් පෙළගස්වන බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.
මන්දයත්, මෙම සම්මුඛ පරීක්ෂණයේදී ඔවුන් ලබාදෙන ලිඛිත පරීක්ෂණය බොහෝ දෙනෙකු වංචනික අයුරින් ලියන බවට ලැබුණු පැමිණිලි අනුව මෙසේ ඔවුන් අතේ හෝ ශරීරයේ පවා කිසිවක් නොමැතිව විභාගයට වාඩි කරවීමක් සිදුවෙයි.
කෙසේ වෙතත්, මෙසේ හමුදා සේවයට බැඳීමට පැමිණි තරුණයෙකු කියා සිටියේ මෙම ක්‍රියාව ඔවුන්ගේ ආත්ම ගෞරවයට පිළිබඳ තැකීමක් නොකරන්නක් බවයි.