නින්දේ සිටි යුවතියක් අපයෝජනයට ලක්කිරීමට උත්සාහ කළ ඉන්දියානු ජාතිකයෙකුට මහමගදී එම යුවතියකගෙන්ම මදි නොකියන්නට ගුටි පූජාවක් ලැබුණු පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙයි.
ලක්නවු නගරයේදී අතවරයට පත් තරුණිය කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින රෙඩ් බ්‍රිජ් සංවිධානයට මේ බව දැන්වීමෙන් පසුව එම පුද්ගලයා මෙම තරුණිය වෙත කැඳවාගෙන ඒමට ඔවුන් කටයුතු කර තිබේ.
පසුව ඇයගේ දැඩි ප්‍රහාරයට නතු වූ මෙම පුද්ගලයා ඔහු ඉදිරියේ දණ ගසමින් සමාව අයැද සිටි බව කියැවෙයි.
මේ ආකාරයේම සිදුවීමක් මීට පෙරද ඉන්දියාවෙන් වාර්තා වූයේ පොලිස් සථානයකදී තරුණියක් තමාට අතවර කළ පුද්ගලයෙකුට පොලිස් නිලධාරීන් ඉදිරිපිටදීම පහරදෙන දසුන්ද සමගිනි.
2012 වසරේ ඉන්දියාවේ වෛද්‍ය ශිෂ්‍යාවක සමූහ දූෂණයට ලක්වීමේ සිදුවීමෙන් පසු එරට තුළ කාන්තාව සුරක්ෂිත කිරීමේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙයි.