බේකරි නිෂ්පාදනවලදී පිළිකා කාරක රසායනික භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ඉන්දියාවේ ආහාර පිළිබඳ බලධාරීන් කටයුතු කර තිබේ.
ඉන්දියාවේ දිල්ලි නගරය පුරා බේකරි නිෂ්පාදන පරීක්ෂා කිරීමේදී එම නිෂ්පාදනවලින් 84%කට වැඩි ප්‍රමාණයක පොටෑසියම් බ්රෝමේට් රසායනිකය හමුවීමත් සමග ඉන්දීය ආහාර තත්ත්ව ආරක්ෂණ අධිකාරි මෙම පියවර ගෙන ඇති බව බී.බී.සී.ය පවසයි.
ඔවුන් සිදුකළ අධ්‍යයනයේදී මෙම රසායනිකය පිළිකාකාරයක් ලෙස හඳුනාගෙන ඇති බවත්, ඒ අනුව, පිළිකාකාරක රසායනිකය බේකරි නිෂ්පාදනවලින් ඉවත්කළ යුතු බවට වූ නිවේදනය නිකුත් කළ බවත් එම අධිකාරිය වැඩිදුරටත් පවසා තිබේ.