සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට ඉන්දීය භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් හසුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම නෞකාව සෝමාලියානු වෙරළ කලාපය වෙතට ගමන් කරමින් පැවති බවට තොරතුරු වාර්තා වුවත්, එහි ගමන්ගත් පිරිස් හෝ නෞකාවේ ගමනාන්තයක් පිළිබඳව කිසිවක් වාර්තා නොවූ බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මීට පෙර ශ්‍රී ලංකාවේ ධීවරයන් පිරිසක්ද සෝමාලි මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුවූ අතර, පසුව ඔවුන් එම නැව නිදහස් කිරීමට ක්‍රියා කළේය.
කෙසේ වෙතත්, 2012 වසරින් පසුව අක්‍රීයව පැවති සෝමාලියානු මුහුදු මංකොල්ලකෑම් මේ වනවිට යළි සක්‍රීය වෙමින් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
2011 වසර මුහුදු මංකොල්ලකෑම් වැඩිම වසර ලෙස වාර්තා වූ අතර, එම වසරේදී පමණක් මංකොල්ලකෑම් 237ක් වාර්තා විය. කෙසේ වෙතත්, ජාත්‍යන්තර හමුදා මුර සංචාර අරඹීමත් සමග මෙම මංකොල්ලකෑම්වල පසුබෑමක් පසුගිය කාලය පුරාවට සිදුවිය.
නමුත්, සෝමාලියා දේශය තුළ පවතින දරිද්‍රතාවය, ගැටුම් හා තරුණ අසහනය යන ප්‍රශ්න හමුවේ මුහුදු මංකොල්ලකෑම් හැර ඔවුන්ට විකල්පයක් නොමැති බව යළිත් ගම්‍ය වන බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.