ඉන්දියාවේ පාලක බී.ජේ.පී. පක්ෂයේ දේශපාලඥයෙකු විසින් පොලිස් අශ්වයෙකුට අමානුෂික ලෙස පහරදුන් බවට පොලීසිය විසින්ම එම දේශපාලඥයාට එරෙහිව චෝදනා ගොනුකර තිබේ.
ඉන්දියාවේ උතුරුදිග උත්තර්කාන්ද් ප්රදේශයේ පැවති උද්ඝෝෂණයක් අතරතුර එය පාලනය කිරීමට පැමිණි අශ්වාරෝහක පොලීසියේ ශක්තිමාන් නමැති අශ්වයා වෙත මෙසේ පහරදී ඇත්තේ ගණේෂ් ජෝෂි නමැති දේශපාලඥයාය.
මෙම පහරදීමෙන් අශ්වයාගේ ශරීරයේ තැලීම් සලකුණු රැසක් පවතින අතර, පාදවල බිඳීම්ද පැවතිය හැකි බවත් කියැවෙයි.
කෙසේ වෙතත්, මෙම දේශපාලඥයා පවසා ඇත්තේ කුමන්ත්රණකාරී ලෙස තමන්ට වෙත අභූත චෝදනා එල්ල කර ඇති බවයි.