(UPDATE) උතුරුදිග ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් සහ රාජස්ථාන් යන ප්‍රාන්තවලට බලපා ඇති දරුණු දූලි කුණාටු තත්ත්වය හේතුවෙන් මියගිය පිරිස 76 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම දරුණු දූලි කුණාටුව ප්‍රදේශයේ විදුලිය ඇණහිටීම, ගස් කඩා වැටීම, නිවාස බිඳ වැටීම ඇතුළු පශු සම්පතටද දැඩි හානි පැමිණ වී ඇත.
බොහෝ පිරිස් තම නිවෙස් තුළ නිදා සිටි අවස්ථාවේදී මෙම දූලි කුණාටුව ඇති වී තිබෙන අතර, බොහෝ නිවාස කඩා වැටීමෙන් ඔවුන් ඒවාට යට වී තිබේ.
ඉන්දියාව තුළ මේ කාලසීමාවේදී මෙවැනි දූලි කුණාටු ඇතිවීම සාමාන්‍ය සිදුවීමක් වුවත්, මේසා විශාල ජීවිත හානි ප්‍රමාණයක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව බවට මෙය පත්ව ඇත.
උතුරුදිග ඉන්දියාවේ, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ඇති වූ මාරාන්තික දූලි කුණාටුවක් හේතුවෙන් පුද්ගලයන් 70ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
මෙම ස්වභාවික විපතින් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද ඉන්දීය මාධ්‍ය පවසයි.