ඉන්දීය දුම්රිය අනතුරකින් ජීවිත හානි 12ක්
ඉන්දියාවේ උත්තර් ප්රදේශ් ප්රාන්තයේ මගී දුම්රිය දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට දුම්රිය බලධාරීහු පවසති.
උත්තර් ප්රදේශ් ප්රාන්ත අග නගරය වන ලක්නව් නගරයේ සිට කි.මී. 270ක් දුරින් පිහිටි ගෝරක්පූර් දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී මෙම අනතුර සිදුව තිබේ.
එහිදී, ඇතැම් වාර්තා පැවසුවේ වාරානසී සිට ගෝරක්පූර් වෙත ගමන් කරමින් තිබූ ක්රිෂාර්ක් එක්ස්ප්රස් දුම්රිය සඥා නොතකා ගොස් ඉදිරියෙන් ගමන් කරමින් තිබූ බරුණි එක්ස්ප්රස් දුම්රියේ පසුපස ගැටුණු බවය.
එහිදී, අවම වශයෙන් 45 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.
“අපට මුලින්ම පෙනුණු ආකාරයට මේ අනතුර සිදුවුණේ ක්රිෂාර්ක් එක්ස්ප්රස් දුම්රියේ රියදුරු හා සහායක රියැදුරාගේ වරදිනුයි. ඒ නිසා වහාම ක්රියාත්මක වන පරිදි ඔවුන්ගේ සේවා අත්හිටුවීමට කටයුතු කළා” යනුවෙන් දුම්රිය බලධාරී ආලෝක් කුමාර් බී.බී.සී.යට පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

