ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රහාරක ගුවන් යානා ඇතුළු ගුවන් මෙහෙයුම් සඳහා ප්‍රථම වරට කාන්තා ගුවන් නියමුවන් යොදාගන්නා බව පැවසෙයි.
ඉන්දීය ගුවන් හමුදාපති අරූප් රාහා ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවයට අදහස් දක්වමින් පවසා සිටියේ කාන්තා ගුවන් නියමුවන් තිදෙනෙකු සිය පුහුණුවීම් අවසන් කර එළැඹෙන ජූනි 18 වැනිදා ප්‍රථම වරට සිය රාජකාරීන් අරඹන බවයි.
සියලු හමුදා සේවාවල ප්‍රහාරක භූමිකාවන් සඳහා කාන්තා නියෝජනයක් ලබාදිය යුතු බව පසුගිය මාසයේදී ඉන්දීය ජනපති ප්රනාබ් මුඛර්ජි පවසා සිටියේය.
ඉන්දීය හමුදා සේවයේ කාන්තා නියෝජනය 2.5% ක් තරම් සුළු ප්‍රමාණයක් වන අතර, ඔවුන්ද වැඩි වශයෙන් සටන් භූමිකාවලට වඩා කාර්යාල සේවා සඳහා යොදවා තිබේ.