ඉන්දියාවේ, හර්යානා ප්‍රාන්තයේ ජීවත් වන 70 හැවිරිදි කාන්තාවක් මවු පදවිය ලැබූ පුවතක් වාර්තා වෙයි.
දාලිජින්දර් කවුර් නමැති මෙම කාන්තාව අයි.වී.එෆ්. තාක්ෂණය මගින් පිහිටවූ කලලයක් මගින් මවු පදවිය උදාකරගෙන ඇත.
මේ අපූරු දරු උපතත් සමග ලෝකයේ දරු උපතක් ලැබූ වයස්ගතම කාන්තාව වීමේ භාග්‍යයද ඇය විසින් උදාකරගෙන ඇති බව කියැවෙයි.
දරු සුරතල් බැලීමට තරම් වයසක තමන් තවමත් පසුවන බව පවසන ඇය, තමාගේ ජීවිතය සම්පූර්ණ වූවා වැනි හැඟීමක් ඇති වූ බවද කියයි.
සිය ස්වාමියා වූ 79 හැවිරිදි මොහින්දර් සිං ගිල්ගේ ශුක්‍රාණු මෙම දරු උපත සඳහා යොදාගෙන ඇති අතර, අලුත උපන් දරුවාට අර්මාන් ලෙස නම් තබා ඇත.