ඉන්දියාවේ හිමාචල් ප්රාන්තයේ කඳුකර ප්රදේශයක බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය අය අතරින් බහුතරය කුඩා දරුවන් බව විදෙස් වාර්තා පවසයි.
මියගිය අය අතර සිටින කුඩා දරුවන් වයස අවුරුදු 10ට අඩු දරුවන් බව පවසන පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ, බස් රථයේ රියදුරා මෙන්ම ගුරුවරු දෙදෙනෙකුද සඳුදා (09දා) උදෑසන සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඉන්දියාවේ උතුරුදිග හිමාචාල් ප්රදේශ් ප්රාන්තයේදී මෙම අනතුර සිදුව තිබුණු අතර, මෙවැනි මාර්ග අනතුරු ඉන්දියාවේ බහුලව දැකිය හැකි වන්නේ නිසි නඩත්තුවකින් තොර මාර්ග මෙන්ම පොදු ප්රවාහන සේවාවන් නිසාය.
බස් රථය අඩි 200ක පමණ ප්රපාතයකට පෙරළී ගොස් මෙම අනතුර සිදුව ඇති අතර, බස් රථයේ සිටි දරුවන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.