ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය විසින් ඉන්දියාව එදාමෙදා තුර නිපදවූ බරින් වැඩිම රොකට්ටුව ඉතාමත් සාර්ථකව උඩු ගුවනට යැවූ බව නිවේදනය කරයි.
ටොන් 640ක් බර මෙම රොකට්ටුව බෙංගාල බෝක්ක ආසන්නයේ පිහිටි ශ්රිහාරිකෝටා අභ්‍යවකාශ රොකට්ටු දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට දියත් කර තිබේ.
මෙය ඉන්දියාවට අතිශය සුවිශේෂී දිනයක් බවත්, මේ දක්වා බරින් වැඩි රොකට්ටු උඩු ගුවනට යැවීම සඳහා යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ ආධාර පැතූ ඉන්දියාව දැන් එම කඩඉමද පසුකර ඇති බවත් මෙම ජයග්‍රහනය පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය මාධ්‍ය පවසයි.
ඔවුන් මෙම රොකට්ටුව පිළිබඳව වඩාත් ආකර්ෂණීය වචන පාවිච්චි කරමින් පවසා තිබුණේ එය දැවැන්ත හස්තීන් 200ක හෝ දැවැන්ත ජම්බෝ ජෙට් යානා 5ක බරට සමාන බරකින් යුතු රොකට්ටුවක් බවයි.
එමෙන්ම, වෙනත් අභ්‍යවකාශ ඒජන්සි හරහා තම රොකට්ටු උඩු ගුවනට යැවීමට දැරූ විශාල වියදම මේ හරහා ඉතිරිකර ගැනීමට හැකිවන බවද ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය වැඩිදුරටත් පවසයි.