මත්පැන් පානයකර රිය ධාවනයේදී සිදුවන අනතුරු අවම කරගැනීමේ අටියෙන් ඉන්දියාවේ සියලුම ප්‍රාන්ත සහ ජාතික මහා මාර්ගවල පිහිටුවා ඇති මත්පැන් වෙළෙඳ සැල් වසා දැමීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
එමෙන්ම, එම මාර්ගවල අලුතින් මත්පැන් වෙළෙඳ සැල් ආරම්භ කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමද මෙම නඩු තීන්දුව හරහා වළක්වා ඇත.
ඒ අනුව, දැනට පවත්වාගෙන යන වෙළෙඳ සැල්වල බලපත්‍ර දීර්ඝ කිරීම ලබන මාර්තු මස 31 වැනිදායින් පසුව නතර කිරීමටද උපදෙස් ලබාදී තිබේ.
මෙම මාර්ග ආශ්‍රිතව සිදුවූ මාර්ග අනතුරුවලින් 5%ක් එනම්, පුද්ගල මරණ 6,751ක් මත්පැන් පානයකර රිය පැදවීමෙන් සිදුවූ අනතුරුවල ප්‍රතිඵල බවද අගවිනිසුරු ටී.එස්. තාකුර්ගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පෙන්වාදී තිබේ.
එමෙන්ම, මෙම ප්‍රධාන මාර්ග ආශ්‍රිතව මත්පැන් වෙළෙඳ දැන්වීමක් හෝ ප්‍රචාරය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා ඇති අතර, ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 500ක් ඇතුළතින් පමණක් මත්පැන් අලෙවි සැල් පවත්වා ගැනීමට හැකි බවද පෙන්වා දී තිබේ.
ඉන්දියාවේ ගුජරාට්, බිහාර්,මනිපූර් සහ නාගලන්ත වැනි ප්‍රාන්තවල මත්පැන් තහනමක් දැනටමත් බලපැවැත්වෙන අතර, දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මත්පැන් විකුණීම සම්බන්ධයෙන් අර්ධ අර්ධ තහනමක්ද බලපැවැත්වේ.
ඉන්දියාවේ පසුගිය වසරේදී සිදු වූ රථවාහන අනතුරුවලින් 140,000කට අධික පිරිසක් මරණයට පත්ව ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.