ඉන්දියාවේ ඊසානදිග අරුනාචල් ප්රදේශ් හි අධික වැසි ඇදහැලීමත් සමග ඇති වූ නායයෑමකින් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුරින් තවත් පුද්ගලයන් පිරිසක් සුන්බුන් අතර සිරවී සිටිතැයි විශ්වාස කරන අතර, ඔවුන් සොයා සහන සේවකයන් මෙහෙයුම් අරඹා තිබේ.
මෙම ප්රාන්තයේ සංචාරක පුරවරයක් ලෙස සැලකෙන ටොවාන්ග් දිස්ත්රික්කයේ ඉදිකෙරමින් පැවති කඳවුරු නිවාස භූමියක් මෙම නායයෑමට ගොදුරුව තිබේ.
මෙවැනි නායයෑම් ඉන්දියාවට අලුත් දෙයක් නොවන අතර, බොහෝ විට මෝසම් වැසි ඇද හැළෙන ජූනි සිට සැප්තැම්බර් යන කාලවලදී ඒවා බහුලව දැකිය හැකිය.