ඉන්දියාවේ ප්‍රධාන නගරාශ්‍රිතව වායු ගුණත්වය පරීක්ෂා කිරීම සඳහා ප්‍රථම වරට වායු ගුණත්ව දර්ශකයක් හඳුන්වාදීමට කටයුතු කර තිබේ.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ප්‍රකාශයට පත්කළ මෙම දර්ශකය අනුව මූලික වශයෙන් එරට ප්‍රධාන නගර 10ක වායු ගුණත්වය සලකා බැලීමට සූදානම් වෙයි.
පසුගිය වසරේ පාරිසරික අභිමත දර්ශකයේදී රටවල් 178ක් වායු ගුණත්වය අනුව ඉන්දියාවට හිමිව තිබුනේ 174 වැනි ස්ථානයයි.
ඉන්දියාවේ වාහන භාවිතය වැඩිවීම, විශේෂයෙන් ඩීසල් වාහන මහාමාර්ග වෙත පැමිණීම හේතුවෙන් දැඩි සෞඛ්‍ය බලපෑමක් සමග වායු ගුණත්වය ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසුගිය වසරේදී සිදුකළ සමීක්ෂණයකට අනුව ලෝකයේ වැඩිම පරිසර දූෂණයක් සහිත නගර 20න්, නගර 13ක්ම ඉන්දියානු නගර බව ප්‍රකාශයට පත්ව තිබේ.