ඉන්දියාවේ ගුවන් පාලමක් කඩා වැටීමෙන් 18ක් මරුට
ඉන්දියාවේ වරනාසි නගරයේ ගුවන් පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් ඒ තුළ සිරවී සිටින බව විදෙස් වාර්තා පවසයි.
තවදුරටත් ඉදිවෙමින් පවතින මෙම ගුවන් පාලමේ කොන්ක්රීට් කොටසක් ඒ යටින් ගමන් කළ මාර්ගයේ වූ වාහන මතට කඩා වැටී ඇති අතර, වාහන රැසක් පොඩි පට්ටම් වී ඒ යට සිරවී ඇති බව කියයි.
ඉන්දියාවේ ජාතික ආපදා ප්රතිචාර ඒකකයේ නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට ළඟා වී මුදාගැනීමේ මෙහෙයුම් අරඹා ඇති අතර, ඔවුන් මේ දක්වා මළ සිරුරු 18ක් හමුවී තිබේ.
කෙසේ වෙතත්, මේ යට කොපමණ පිරිසක් සිරවී සිටීද, තවත් කොපමණ පිරිසක් මරණයට පත්ව සිටීද යන්න පිළිබඳ පැහැදිලි නොමැති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඉන්දියාවේ මාර්ග සම්බන්ධයෙන් සිදුවන මෙවැනි අනතුරු සුලභ වන අතර, 2016 කොල්කටා නගරයේ මෙවැනි ගුවන් පාලමක් කඩා වැටී පුද්ගලයන් 20ක් ජීවිතක්ෂයට පත්වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.



