මිනිසා විසින් ඉවක් බවක් නොමැතිව ඉවතලනු ලැබූ ප්ලාස්ටික් කැබලි හොටේ පැටලීමෙන් හොට විවරකර ආහාර ගැනීමට නොහැකිව සිටින දුර්ලභ පක්ෂීන් බේරාගැනීමේ මෙහෙයුමකට ඉන්දියාව සූදානම් වෙයි.
එරට වනජීවී නිලධාරීන් සහ සත්වවේදීන් විසින් මේ ව්‍යායාම එක්ව අරඹා ඇති අතර, විශේෂයෙන්ම කළු බෙල්ල සහිත කොකා මෙම අභාග්‍යයට මුහුණදී සිටින දුර්ලභ ගණයේ පක්ෂියෙකු ලෙස හඳුනාගෙන තිබේ.
මේ පිළිබඳව ඔවුන් මූලිකව සිදුකළ අධ්‍යයනයකදී විශේෂයෙන්ම දිල්ල අගනුවර ආශ්‍රිතව මෙම ඛේදනීය තත්ත්වය පවතින බව ඔවුන් සොයාගෙන ඇත.
එහිදී, මේ ආකාරයෙන් හොට පැටලී සිටින පක්ෂීන්ට ජලය මදක් ඉතා අමාරුවෙන් පානය කිරීමට හැකියාවක් පැවතියත්, එම සතුන්ට ආහාරයක් ගැනීමේ දැඩි අපහසුවක් පවතින බව ඔවුන් හඳුනාගෙන තිබුණි.
ඒ අනුව, මෙම සතුන් නිරාහාරව මියයෑමට මත්තෙන් විශේෂ මෙහෙයුමක් හරහා එම සතුන් අල්ලාගෙන ඔවුන්ගේ හොටේ පැටලී ඇති ප්ලාස්ටික් ඉවත් කිරීමට සත්වවේදීන් සහ වනජීවී නිලධාරීන් බලාපොරොත්තු වෙයි.
කෙසේ වෙතත්, මෙය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට නම් මිනිසා මීට වඩා පරිසරය සම්බන්ධයෙන් සංවේදී විය යුතු බවත්, අපද්‍රව්‍ය පරිසරයට බැහැර කිරීමේදී මිහිතලයේ ජීවත් වන්නේ තමන් පමණක් නොවන බව අවබෝධ කරගත යුතු බවත් ඔවුන්ගේ අදහසයි.