ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වයස අවුරුදු 4ක දැරියකට බරපතල ලිංගික අපරාධයක් සිදුකර ඇති බවත්, ඇය සිහිසුන්ව දුම්රිය මාර්ගයක් අසල සිටියදී හමුවී ඇති බවත් වාර්තා වෙයි.
කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන්ම ප්‍රශ්න කර ඇති බව දිල්ලි පොලීසිය පවසයි.
මේ වනවිට හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රතිකාර ලබන දැරිය, ශල්‍යකර්මයකට පවා බඳුන් කර ඇති බව වෛද්‍යවරු පවසති.
මෙම අපරාධය පසුගිය සිකුරාදා රාත්රියේදී සිදුව ඇති අතර, 2012 වසරේදී වෛද්‍ය සිසුවියක සමූහ දූෂණයට ලක්වීමේ සිදුවීමෙන් පසු ඉන්දියාව තුළ කාන්තාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නොවිසඳුණු ප්‍රශ්න රැසක් මතුව තිබේ.