දකුණු හා ගිණිකොණදිග ආසියාවට බලපා ඇති මෝසම් වැසි තත්ත්වයත් සමග සිදුවූ නායයෑම්වලින් පුද්ගලයන් 20කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
නැගෙනහිර ඉන්දීය ප්‍රාන්තයක් වූ මනිපූර් හි සම්පූර්ණ ගම්මානයක්ම නායයෑම්වලට ක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ඒ සමගම ආසන්න මියන්මාරයේද බටහිර පළාත් හතරක් නායයෑම් තර්ජනයට ලක්ව ඇති අතර, අධික ගංවතුර හෙතුවෙන් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මියන්මාර වාර්තා පවසයි.
දින කිහිපයක් එක දිගට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය අති වී තිබෙන බව එම මාධ්‍ය වැඩිදුරටත් පවසයි.