ඉන්දීය කාන්තාවක විවාහ කරගන්නා බව පවසමින් ඇය සමග එක්වූ ස්කොට්ලන්ත ජාතිකයෙකු දිල්ලි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මාස පහක පමණ කාලයක සිට පැවතෙන මෙම සම්බන්ධයේදී අදාළ ස්කොට්ලන්ත ව්‍යාපාරිකයා තමා සරණපාවා ගන්නා බව පවසමින් තමන් සමග ලිංගික සම්බන්ධතා පවා පැවැත්වූ බව අදාළ කාන්තාව පොලීසියට පවසා තිබේ.
කෙසේ වෙතත්, මේ වනවිට එම පුද්ගලයා තමාව මගහරින බව පවසමින් ඇය දිල්ලි පොලීසියට ගොස් ඇත.
ඉන්දීය නීතිය අනුව මේ ආකාරයෙන් කාන්තාවක පොළඹවා ගැනීමට ඔහු වරදකරු වුවහොත්, ඔහුට වසර 10ක සිර දඬුවමක් විඳීමට සිදුවනු ඇති බව කියැවෙයි.
මෙම ස්කොට්ලන්ත ජාතිකයා තවත් ඉන්දීය තරුණියක මේ ආකාරයෙන්ම සරණපාවා ගන්නා බව පවසමින් ඇසුරක් පවත්වා ඇති අතර, එම කාන්තාවද පොලීසිය වෙත පැමිණිල්ලක් කර ඇති බව දිල්ලි පොලීසිය කියයි.