ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිගේ තෙදින චීන නිල සංචාරය සමග ඇ.ඩො. බිලියන 10ක් වටිනා ද්විපාර්ශ්වික ගිවිසුම් 24කට අත්සන් තැබීමට නායක දෙපළ කටයුතු කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
පසුගිය 14 වැනිදා සිට 16 වැනිදා දක්වා චීනය තුළ රැඳී සිටි ඉන්දීය අගමැතිවරයා එහිදී ජනපති ෂි ජින්පින්ග් මෙන්ම අගමැති ලී කෙකියැන්ග් ඇතුළු චීන දේශපාලඥයන් විශාල පිරිසක් හමුවී තිබුණි.
ලොව වැඩිම ජනගහණයක් ජීවත් වන ආසියාවේ දැවැන්ත රාජ්‍යයන් දෙක ලෙස ඉන්දියාව සහ චීනය අතර නව සබඳතාවල අඩිතාලම ලෙස මෙම සංචාරය දෙරට විසින්ම පිළිගෙන තිබේ.