දශක කිහිපයකට පසුව ඉන්දියාව මුහුණදෙන දරුණුතම නියඟයට මුහුණ දෙමින් සිටින බවත්, එරට ග්‍රාමීය ජනතාව මේ ස්වාභාවික ව්‍යසනය හමුවේ නොනැසී සිටීමට දැඩි පරිශ්රමයක යෙදෙන බවත් විදෙස් වාර්තා පවසයි.
එළැඹෙන ජූනි මාසයේදී බලාපොරොත්තු වන මෝසම් වාර්ෂාව හැරෙන්නට මේ ව්‍යසනයෙන් මිදීම සඳහා තමන්ට කිසිදු විකල්පයක් නොමැති බව ඔවුහු විශ්වාස කරති.
කෙසේ වෙතත්, එරට ක්‍රියාත්මක වෝටර්එයිඩ් සංවිධානයේ ප්‍රධානියා පවසන්නේ ජූනි මාසයේ මෝසම් වර්ෂාව ඇති වුවත්, භූගත ජල මට්ටම් ඉතාමත් අයහපත් තත්ත්වයක පවතින බවයි.
ඉන්දියාවේ මධ්‍යම ජල කොමිසමට අනුව එරට ප්‍රධාන ජලාශවල ජල මට්ටම 79% ක් දක්වා අඩු වී ඇති අතර, සමස්තයක් ලෙස පසුගිය වසර දහයක කාලය සැසඳීමේදී එරට ජලශවලින් 75% කම ජලය ශීඝ්‍රයෙන් හිඳී යෑමට තරම් මෙම නියං තත්ත්වය හේතු වී තිබේ.