ඉන්දියාවේ මෝටර් රථ සැලසුම්කරුවෙකු වන සුධාකර් යාදේව් ලෝකයේ උසම හා විශාලතම මෝටර් රථය නිපදවමින් දෙවැනි ගිනස් ලෝක වාර්තාව සඳහා සූදානම් වෙයි.
1922 වර්ෂයේ ෆෝඩ් ටුවරර් රථයක අනුරුවකට නිර්මාණය වන මෙම දැවැන්ත මෝටර් රථයේ උස අඩි 26ක් හෙවත් මීටර් 8කි. එමෙන්ම, එය අඩි 50ක දිගකින් යුතුය. එය ඩබල් ඩෙකර් බස් රථයක් මෙන් දෙගුණයක උසකි.
ලෝකයේ උසම ට්රයිසිකලය නිපදවා ලෝක වාර්තාවට හිමිකම් කියන්නේද යාදේව් බව පැවසෙයි.
හයිද්‍රාබාද් නගරයේ මෝටර් රථ කෞතුකාගාරයකද හිමිකරුවෙකු වන යාදේව් සතුව සුවිශේෂී මෝටර් රථ එකතුවක්ද පවතී.