මෙම වසර මැද භාගයේදී පැවැත්වෙන ඇමෙරිකානු අර්ධ වාර මැතිවරණය වෙත රුසියානු බලපෑමක් ඇතිවෙනු ඇති බවට ඇමෙරිකානු බුද්ධි අංශ අධ්යක්ෂවරයා බලාපොරොත්තු වෙයි.
යුරෝපය සහ ඇමෙරිකාව තුළ පෙරළීන් ඇතිකිරීම සඳහා රුසියානුවන්ගේ උත්සාහයන් කිසිසේත්ම අඩු තක්සේරුවකට ලක්කළ නොහැකි බව මයික් පොම්පේ පවසා තිබේ.
එමෙන්ම, උතුරු කොරියාව විසින් ඇමෙරිකාව වෙත න්‍යෂ්ටික මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් පවතින බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.
2016 ඇමෙරිකානු ජනාධිපතිවරණය වෙතද රුසියානු බලපෑමක් පැවති බවට එරට බුද්ධි අංශ විසින් මීට පෙර අනාවරණයක් සිදුකර තිබුණි.